Thursday 18th of June 2026

English Tamil
Advertiesment


අනුර ඔයා වැරඳියි - දැන්වත් වරඳ පිලිගන්න


2025-12-12 14940

 

දිට්වා සුළි කුණාටුව පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිසි ලෙස නිකුත් නොකළ බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට එල්ල වූ විවේචනවලට ප්‍රතිචාර දක්වමින්, ශ්‍රී ලංකා කාලගුණ විද්‍යාඥයින්ගේ සංගමය විසින් නිල ප්‍රකාශයක් නිකුත් කර ඇත.

මෙම නිවේදනය මඟින් සංගමය දැඩිව අවධාරණය කරන්නේ, නොවැම්බර් මස 23 වැනි දින පටන් අවස්ථා 25 කදී දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් බලයලත් පාර්ශ්වයන් දැනුවත්කිරීමට කටයුතු කර ඇති බවයි.

ඔවුන් තවදුරටත් සඳහන් කර ඇත්තේ, මෙම ආපදා තත්ත්වය හා දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරිත්වය පිළිබඳව සත්‍ය නොවන තොරතුරු රාශියක් සමාජය තුළ සංසරණය වන බවත්, මෙම මිථ්‍යා ප්‍රකාශ මඟින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ විශ්වාසනීයත්වයට හානි සිදුවන බවත්ය.

පුවතක්.

 

■ රටේ රාළගේ සටහන.

 

මෙතනදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට චෝදනා කිරීම වැරදියි.

එයාලා එයාලගේ වැඩේ හරියට කළා.

අපේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර කාලගුණ විද්‍යා ආයතනත් එක්කත් සම්බන්ධයි.

ඒ සියලු තොරතුරු අරන් දිට්වා සුළි කුණාටුවට ගැන නිශ්චිත දත්ත රජයට ලබාදීලා තියනවා.

මෙතන වරඳ තියෙන්නේ ඒ දත්ත මත ක්‍රියාත්මක නොවු ආණ්ඩුවේ බළධාරීන්ගෙයි.

ඒ තොරතුරු අනුව ක්‍රියාත්මක නොවූනේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයයි.

ආපාදා කලමණාකරණය මධ්‍යස්ථානය අක්‍රීය කරලයි තිබුණේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක් පත් කරන්නේ නොවැම්බර් 29 වෙනිදා.

ආපදාව උපරිම තැනට එන්නේ නොවැම්බර් 27 සහ 28 දිනවලදියි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තියෙන්නේ ජනාධිපති අනුර කුමාර යටතේයි.

අනුරගෙන් වෙච්චි වරඳ වහගන්න ඩෝබිලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මත වරඳ පටවන්න හදනවා.

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment